ඩ්‍රයිව්ග්‍රීන් සමාජ මෙහෙවරේ තවත් එක් පියවරක්..
නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සතු 2017 වසරේදී ගංවතුරට හසුව විනාශයට පත්ව අතහැර දමා තිබූ විමෝචන වායු විශ්ලේෂකය (Exhaust Gas Analyzer) ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය විසින් නැවත සකස්කර එම මධ්‍යස්ථානය වෙත භාර දීම 2020-01-05 දින සිදුවිය. මෙම යන්ත්‍රය ක්‍රියාවිරහිතව තිබීම හේතුවෙන් නියාගම පුහුණු මධ්‍යස්ථානයේ මෝටර් කාර්මික පාඨමාලාව හදාරණ සිසුන් හට, වායු විමෝචනය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟහැරී තිබූ අවස්ථාවක, අප ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස, සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය සම්පූර්ණ පිරිවැයම දරමින් අලුත්වැඩියා කරන ලදී.
ප්‍රංශයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය ජල ගැල්මෙන් හානියට පත්ව, එහි අභ්‍යන්තරයේ බොහෝ කොටස් ක්‍රියාවිරහිතව දිරාපත්ව තිබූ අතර, ඩ්‍රයිව්ග්‍රීන් ආයතනයේ තාක්ෂණික අංශයේ නිලධාරීන්ගේ දැඩි කැපවීම මත, යන්ත්‍රය නැවතත් පෙර පැවති තත්ත්වයට පත්කිරීමට හැකිවිය. තවද, මෙම යන්ත්‍රය නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ එස්.එම්. ජනමිත, පුහුණු නිලධාරී බී.එස්. ජනක සහ අංශ භාර ආචාර්ය ආනන්ද ගුණසෝම යන මහත්වරුන් වෙත නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව, පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් හට එහි ක්‍රියාකාරීත්වය, භාවිතය සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් පුහුණු සැසියක්ද පවත්වන ලදී.
මෙම අවස්ථාවට ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය වෙනුවෙන් තාක්ෂණික කළමණාකාර ඩිල්හාන් ඈපා මහතා සහ ප්‍රාදේශීය කළමණාකාර චතුර වාසනා මහතා සම්බන්ධ විය.